September 13, 2016

රුපියල් කෝටි 4ක කොකෝන් තොගයක් සමග බොලිවියානු කතක් කටුනායක අත්අඩංගුවට

රුපියල් කෝටි හතරක පමණ වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි බොලිවියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
‍ඇය සතුව තිබී කොකේන් කිලෝ 2.6ක් සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ, සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක ග්‍රිස් තවරා සූක්ෂම ලෙස මෙම කොකේන් තොගය රැගෙන විත් ඇති බව ය.
48 හැවිරිදි එම කාන්තාව මීට පෙර දකුණු අප්‍රිකාවේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කාන්තාවක් බව ද ශ්‍රී ලංකා රේගුව වැඩි දුරට ත් සඳහන් කළේය.