September 13, 2016

කල්මුණේ පාසලක් අසල කාන්තා මළ සිරුරක්

අතුරුදන් වු කාන්තාවකගේ මළ සිරුරක් කල්මුණේ පාසලක් අසල තිබී සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ ඇය අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බව ය.
ඇය කල්මුණේ පෙරියනිලාවනෙයි ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවකි.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කල්මුණේ රෝහලේ තැන්පත් කර තිබේ.
පවුලේ ඥාතීන් පවසා ඇත්තේ, සිරුර සොයා ගන්නා විට ඇය පැළද සිටි ස්වරණාභරණ නොතිබූ බව ය.