ඉන්දියාවේ කාවේරි නදියේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් කර්නාටක සහ තමිල්නාඩු ප්‍රාන්ත අතර උද්ගතව ඇති ගැටුම් පාලනය කිරීමට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ කර්නාටක ප්‍රාන්තයේ රාජ් ගෝපාල් නගරයේ පැවති විරෝධතාවකට, පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් රැසක් තුවාල ලබා ඇති බව ය.
තමිල්නාඩු සහ කර්නාටක ප්‍රාන්ත වැසියන් අතර ගැටුම් උත්සන්න වීමත් සමග තමිල්නාඩු ප්‍රාන්තයේ ලියාපදිංචි වාහන රැසක් ගිනි තබා විනාශ කර තිබේ.
එහිදී බස් රථ සහ ට්‍රක් රථ විශාල සංඛ්‍යාවක් ගිනි තබා විනාෂ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.
කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයේ කඩ සාප්පු වසා දමා ඇති බවත් කුපිත වූ පිරිස් කඩ සාප්පු සහ වාහනවලට ගල් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාවයේ නිරත වන බවත් වාර්තා වේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා 15 000 ක පමණ පොලිස් බල ඇණියක් යොදවා ඇති අතර බැංගලූර් නගරයට හදිසි නීතිය පනවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කර්ණාටක ප්‍රාන්ත වැසියන් සිය විරෝධතා ආරම්භ කළේ, දින 10ක කාලයක් කාවෙරි නදියෙන්, තත්පරයට ඝන අඩි 15000 ක ජල ධාරිතාවක්, තමිල්නාඩු ප්‍රාන්තයට මුදාහරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලැබීමෙන් පසුව ය.
