October 21, 2016

ඇමති රවී නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය සැකකරු දැලේ

ඇමති රවී නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය සැකකරු දැලේ
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයා අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව මගින් ඊයේ (20) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බලංගොඩ, පැල්මඩුල්ලේ පදිංචි පුද්ගලයෙකි.
පැය කිහිපයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු කොටුව අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.