උතුරේ හමුදා කඳවුරු ඉවත් කල යුතු බවත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදිය යුතු බවත් දිගින් දිගටම හඬ නඟන දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතාව ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
මහින්ද රාජපක්ශ සමයේදී පුනරුත්තාපනය කර නිදහස් කල කොටි සාමාජිකයින් හතර දෙනෙකු විසින් පසුගිය දෙසැම්බර් 20 ජනවාරි13 සහ ජනවාරි 24 දිනවලදී ඒ සඳහා උත්සාහ කර ඇති බවද වාර්තා වී තිබේ.
මෙම තත්වය යටතේ ඒ මහතාට ලබාදී ඇති ප්‍රභූ ආරක්ෂාව වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ.