January 28, 2017

කුලසේකර පිති කරුවන් අතර අංක තුනට.!

Image result for nuwan kulasekara

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා සහබාගී වීම සදහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය තරුණ නවක ක්‍රීඩකයන් රාශියකගෙන් සමන්විත වේ.

ශ්‍රී ලංකා සංචිතයේ සිටින පිතිකරුවන් එක්දින තරග වල ලබාගෙන ඇති ලකුණු එකතුව අනුව පෙළගැස්වූ විට තුන්වන ස්ථානයට වැඩිම ලකුණු ලාබියා වන්නේ මදවේග පන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නුවන් කුලසේකරයි.

සංචිතයේ සිටින වැඩිම ලකුණු ලාබියා වන්නේ උපුල් තරංග වන අතර ඔහු තරග 193ක දී ලකුණු 5623ක් ලබාගෙන ඇති අතර චන්දිමාල් තරග 119කදී ලකුණු 3033 ක් ලබාගෙන සිටී,කුලසේකර එක්දින තරග 178 කදී ලකුණු 1289ක් ලබාගෙන ඇත.

කුලසේකරට පසුව වැඩිම ලකුණු ලාබියා වන්නේ තරග 17ක ට පමණක් සහබාගී වෙමින් ලකුණු 569 ක් ලබාගෙන ඇති කුසල් මෙන්ඩිස්ය.